Skip to content
V
සැකකරුවෙකු පලායාමේ සිදුවීමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
featured news - උණුසුම් පුවත්

සැකකරුවෙකු පලායාමේ සිදුවීමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

By News Room · 31 July 2025

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පලායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සැරයන් සහ කොස්තාපල් තනතුරු දරන පොලිස් නිලධාරින් දෙදෙනෙකු මෙලෙස වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් සඳහන් කළේ.

අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබුණු බවත්, පොලිස් සිර මැදිරියේ සිටි සැකකරු ඊයේ (30) දිනයේ වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර, සිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

අදාළ සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පසුගියදා පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026