Skip to content
V
'සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතුයි' - කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
featured news - උණුසුම් පුවත්

'සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතුයි' - කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

By News Room · 3 January 2025

"සිරකරුවෝද මනුෂ්‍යයයෝය" යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය. දිගු යකඩ දම්වැලක මාංචු දැමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පවරමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට එලෙස නොකරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටියේය.

අධිකරණය නිවාඩු කාලයක් බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නමයක නඩු අංක 03 අධිකරණයේ කැඳවීය. රිමාන්ඩ් දීර්ගය සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් හතළිහක් පමණ එක දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබිණි.

අංක 03 අධිකරණයේ බන්ධනාගාර රැඳවියන් රඳවන සිරමැදිරිය තුළ සැකකරුවන් වැඩි ප්‍රමාණයක් ඇතුලත් කළ නොහැකි බැවින් මෙලෙස එකම දැම්මලක මාංචු දමා සැකකරුවන් අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබිණි.

දැම්වැල් දැමු රැඳවියන් අධිකරණ ශාලාවේ සිටිණු දක්නට ලැබූ මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ කරුණ දැඩි දෝෂ දර්ශනයට ලක් කර සිරකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සලකන ලෙසට දැඩි සේ අවවාද කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින් මහේස්ත්‍රාත්වරයාගෙන් සමාව අයැද සිටියේය. මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයෙන් පසුව මාංචු සමඟ අධිකරණ ශාලාවේ සිටි රැඳවියන්ගේ විලංගු ඉවත් කිරීමට බන්ධනාගාරර නිලධාරීන් කටයුතු කරනු දක්නට ලැබිණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026