Skip to content
V
සහල් ආනයන කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

සහල් ආනයන කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

By News Room · 26 December 2024

සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

සහල් හිගයට විසදුමක් වශයෙන් රජය සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයටත් ලබා දී තිබූ කාලය පසුගිය 20 දා අවසන් වූ අතර යලි එම අවසරය ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගත්තේය. මේ වනවිට ආනයනකරුවෝ ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර ඇතැයි රේගුව පවසයි.

රජයද සහල් ආනයනය කරන බව ප්‍රකාශ කළද මේ දක්වා සහල් ආනයනය කර නැතැයි රේගු ආරංචි මාර්ග සදහන් කරයි. මේ අතර ආනයන කරන සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු නැවත අද (26) සිට ආරම්භ කළ බව ද රේගුව පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026