Skip to content
V
සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අත්අඩංගුවට

By News Room · 9 December 2024

පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

2023 වර්ෂයේ අගෝස්තු 2 වෙනි දින රත්නපුර කුරුවිට මැණික් ව්‍යාපාරිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14 ක් පමණ වටිනා වාහන සහ මැණික් ඇතුළු දේපළ තොගයක් එම ප්‍රදේශයේ පුද්ගලයකු බලහත්කාරයෙන් ලබාගත් බව පවසමින් පැමිණිල්ලක් සිදුකර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එකී පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා විසින් බලහත්කාරයෙන් එම දේපළ ලබා ගත් බව කියන පුද්ගලයාව එම දේපළ සමග කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් එම දේපළ පැමිණිලිකරු වෙත ඒක පාර්ශ්විකව ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලකට අනුව අනාවරණය වීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් නිසි ක්‍රමවේදයකින් තොරව එම දේපළ පැමිණිලිකාර පුද්ගලයා වෙත භාරදී ඇති බව විමර්ශන වලදී අනාවරණයවී ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026