Skip to content
V
සර්ව ආගමික සිද්ධස්ථානවලට නොමිලේ සූර්යපැනල
featured news - උණුසුම් පුවත්

සර්ව ආගමික සිද්ධස්ථානවලට නොමිලේ සූර්යපැනල

By News Room · 28 October 2024

දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17 ක මූල්‍ය සහයෝගයක් සමගින් විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සර්ව ආගමික සිද්ධස්ථාන පියැසි මත  සූර්ය බල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යනාදී සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

මෙහි පළමු අදියර යටතේ 2025 වර්ෂය මුල්භාගය වන විට ආගමික සිද්ධස්ථාන 5000 ක් ආවරණය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර එම ආගමික ස්ථානයන්හි පියැසි මත මෙම කිලෝවොට් පහක (5 kW) ධාරිතාවක් සහිත සූර්ය පැනල කට්ටල සවි කිරීමට අපේක්ෂිතය.

මෙමඟින් ආගමික සිද්ධස්ථානයන්හි විදුලිබිල අවම කිරීමට කටයුතු කරන අතර ආගමික සිද්ධස්ථානයේ විදුලි පරිභෝජනයෙන් පසු ඉතිරිවන විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරේ.

මූලික අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙම සූර්ය විදුලිබල පද්ධති පන්දහස තුළින් මාසිකව එක් සූර්ය විදුලිපැනල පද්ධතියකින් විදුලි ඒකක 500 – 600 අතර ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026