Skip to content
V
සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වනදා සිට
featured news - උණුසුම් පුවත්

සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වනදා සිට

By News Room · 31 October 2024

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ලබන 4 වනදා සිට 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවත් 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

ලෝකයේ වැඩියෙන්ම පැතිර යා හැකි වයිරසය මෙය බවත් එය සාර්ස් හා කොවීඩ් වයිරසයට වඩා වේගයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

එක් පුද්ගළයෙකුගෙන් පුද්ගළයින් 10 ත් 18 ත් අතර පිරිසකට මෙම වයිරසය පැතිර යා හැකි බවත් වළක්වා ගැනීමට ඇති එකම අවස්ථාව ප්‍රතිශක්තිකරණය බවත් විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026