Skip to content
V
සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන්න
featured news - උණුසුම් පුවත්

සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන්න

By News Room · 29 October 2024

WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත, මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර්ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභදායී භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකීරක්ෂා ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින්  OTP password, තොරතුරු ඉල්ලා එවන පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙසයි එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ව්‍යා​ජ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය වේදිකාවන්, SMS, WhatsApp හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ දරනු ඇති බවත්, ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක,ජංගම දුරකථනවල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබන බව සඳහන් වෙනවා.

WhatsApp පණිවුඩ මගින් එවනු ලබන OTP (One-Time Password) තොරතුරු ඉල්ලා සිටීම මගින් ඔබගේ WhatsApp ගිණුම අපරාධකරුවන්ගේ ග්‍රහණයට ගනු ලබන බවත්, එමගින් ඔබගේ WhatsApp ගිණුම භාවිතා කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතු සිදුකරන බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට අනතුරු අඟවා සිටින්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026