Skip to content
V
සබරගමු සරසවියේ නවකවදයට සම්බන්ධ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

සබරගමු සරසවියේ නවකවදයට සම්බන්ධ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

By News Room · 6 May 2025

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දීමේ සිද්ධියට සම්බන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය පවසයි. නවක වදය ලබාදීමක් හේතුවෙන් සිත්තැවුලට පත්ව තාක්ෂණ පීඨයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු චරිත් දිල්ශාන් නැමති සිසුවා ඉකුත් 28 වැනිදා දිවි හානි කරගෙන තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 20 දෙනෙකුගෙන් ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිළධාරින් විසින්  මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින්  සිටිති.  

මේ වන විට සිද්ධියට සමිබන්ධව චෝදනා ලැබ සිටින සිසුන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්න 04 ක්  බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු  ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කර  ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026