Skip to content
V
සනත්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කෙරේ
featured news - උණුසුම් පුවත්

සනත්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කෙරේ

By News Room · 29 September 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

සනත් ජයසූරිය මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා පත් කෙරුණේ ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වුණු ක්‍රිකට් තරගාවලි සඳහාය. සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණි.

පසුව එම තරගාවලි දෙක නිම වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ද සනත් ජයසූරිය මහතාව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමටය.

එවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගෙන තිබුණේ සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමටය.සනත්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කෙරේ

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026