Skip to content
V
සජිත්ගේ පිළට මෛත්‍රීගේ සහය
featured news - උණුසුම් පුවත්

සජිත්ගේ පිළට මෛත්‍රීගේ සහය

By News Room · 16 August 2024

ජනාධිපතිවරණයේදී විජේදාස රාජපක්ෂ ට සහාය පළ කිරීම සඳහා එකතු වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඉන් ඉවත් වී සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීම සඳහා තීරණය කර ඇතැයි වාර්තාවේ.මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරු ආසන බල මණ්ඩලය පසුගිය දිනෙක කැඳවමින් ඉදිරි ජනාධිපතිවරණයේ සහාය පළ කළ යුත්තේ කාටදැයි විමසීමක් කර ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස ට සහාය පළකළ යුතු බවට තීරණය වී ඇත.ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් කොළඹට කැඳවා සාකච්ජාවක් පවත්වා ඇති අතර එහිදී තීරණය වී ඇත්තේද සජිත් ප්‍රේමදාස ට සහාය දැක්විය යුතු බවයි.එම සාකච්ඡා දෙකේදීම විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයක් නොකරන බව හා ඔහුට එම පක්ෂය රැවට්ටුණු බවද සාකච්ජාවට ලක්වී තිබේ.දයාසිරි ජයසේකර ගේ ලේකම් ධූරයට පැවති බාධාව අධිකරණ තීන්දුව අනුව ඉවත් වීමෙන් පසු එම පක්ෂයේ සංවිධායකයන් බොහෝ පිරිසක් ඔහු සමඟ කටයුතු කිරීමට එක්වී ඇති අතර ඔවුන්ද මේ වනවිට දයාසිරි ජයසේකර සමඟ සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට එක්වී තිබේ.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026