Skip to content
V
ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
featured news - උණුසුම් පුවත්

ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

By News Room · 17 October 2024

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බවය.

අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකුට ද වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ අනුව නොවැම්බර් 18 වෙනිදා වන විට ෂෙයික් හසීනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026