Skip to content
V
ෂකීබ්ගේ තහනම තවදුරටත් දීර්ඝ වේ
featured news - උණුසුම් පුවත්

ෂකීබ්ගේ තහනම තවදුරටත් දීර්ඝ වේ

By News Room · 12 January 2025

පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පෙනී සිටියේය.

එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව තහවුරු විය. ඒ හේතුවෙන් ෂකීබ්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් විය. මේ හේතුවෙන් ඔහු පසුගිය දෙසැම්බර් 21වනදා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ පැවති පරීක්ෂණයට දෙවන වරටත් සහභාගි වී ඇත.

කෙසේ නමුත් එම පරීක්ෂණයෙන් ද ඔහු අසමත් වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් දීර්ඝ වනබව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඊයේ (11) තහවුරු කළේය. ඒ අනුව ෂකීබ්ට සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගන්නා තෙක් නැවත කිසිදු අවස්ථාවක පන්දු යැවීමට නොහැක. එහෙත් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකාරවල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඔහුට කිසිදු බාධාවක් නොමැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026