Skip to content
V
ශෙහාන් සේමසිංහගේ හා පොලිස් නිලධාරියෙකුගේ රථ එකිනෙක ගැටීමෙන් අනතුරක්
featured news - උණුසුම් පුවත්

ශෙහාන් සේමසිංහගේ හා පොලිස් නිලධාරියෙකුගේ රථ එකිනෙක ගැටීමෙන් අනතුරක්

By News Room · 15 September 2024

පුත්තලම, පාලවිය ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ගමන් ගත් රථයේ පොලිස් නිලධාරියෙකු ගමන් ගත් නිල රථයක් හා එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස නිල රථයෙන් පැමිණ ගැටී ඇත්තේ පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා (රථවාහන) වන අතර, ඔහුව අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත්,අනතුර සිදුවන අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා බීමත්ව සිටියේද, නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026