Skip to content
V
ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණ
featured news - උණුසුම් පුවත්

ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණ

By News Room · 19 September 2024

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳ ව මතු ව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබන බවය. එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණි.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේ ද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය 17 තීරණය කළේය.

එවන් පසුබිමක මව්පියන් පිරිසක් ඊයේ (18) පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවූ අතර එහිදී උද්ගත වූ නොසන්සුන් තත්ත්වය පාලනයට කැරලි මර්දන ඒකකය කැඳවීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.

අනතුරුව මව්පියන් හයදෙනෙකුට විභාග කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවිය.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ නැවතත් 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අවශ්‍යවුවහොත් එය පැවැත්වීමට කටයුතු කරන බවයි.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ශිෂ්‍යත්වය සඳහා පෙනීසිටි සිසුන්ගේ මව්පියන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026