Skip to content
V
ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ
featured news - උණුසුම් පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

By News Room · 2 September 2024

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ.

එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකිය.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා ඇත.

දුරකථන අංක - 0112 784 208/ 278 4537 / 2784537 / 2786616 /2785413

ක්ෂණික දුරකථන අංක - 1911

ෆැක්ස් අංකය - 0112 784422

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026