Skip to content
V
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය තාවකාලිකව නවත්වයි
featured news - උණුසුම් පුවත්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය තාවකාලිකව නවත්වයි

By News Room · 20 September 2024

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිරාකරණය කරගන්නා තුරු සමීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ප්‍රකාශ කළා.

කොළඹ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර වට්ස් ඇප් මාර්ග ඔස්සේ වෙනත් පුද්ගලයින්ට යොමු කළ නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව විභාගය නැවත පවත්වනවාද නැද්ද යන තීරණය ලබාගන්නා බවත් ඒ වනතෙක් සිසුන් කළබල නොවී සිටින ලෙසත් ඇය සඳහන් කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026