Skip to content
V
ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා කඩයිම් ලකුණු නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා කඩයිම් ලකුණු නිකුත් කරයි

By News Room · 23 January 2025

2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එසේම ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්ක අනුව කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉහළම කඩඉම් ලකුණ 143 වේ. එය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා අදාළ වේ.

එමෙන්ම දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉහළම කඩඉම් ලකුණ 141 වේ. එය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් පෙනී සිටි සිසුන් සඳහා අදාළ වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026