Skip to content
V
වාස් ගුණවර්ධන - පුතා ඇතුළු 6කගේ මරණ දඬුවම තීන්දුයි
featured news - උණුසුම් පුවත්

වාස් ගුණවර්ධන - පුතා ඇතුළු 6කගේ මරණ දඬුවම තීන්දුයි

By News Room · 8 August 2024

බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැර ගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝ.8) තහවුරු කර තිබේ.

ලබා දී ඇති දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් 2017 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කර ඇති අතර වසර 7 කට ආසන්න කාලයක් පැවති නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරන ලදී.

2013 වසරේ මැයි 22 වන දා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් පැහැර ගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් 2015 වසරේ නොවැම්බර් මස 27 වන දා මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026