Skip to content
V
ශ්‍රී ලංකා හා කොදෙව් අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා හා කොදෙව් අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

By News Room · 26 October 2024

ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පැවැත්වේ. තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30ට ආරම්භවීමට නියමිතව ඇත. දෙරට අතර පළමු තරග දෙකම ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පූර්ණ තරගාවලි ජයක් අබියස සිටියි. 1975 වසරේ සිට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ හමුවන ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම් අද සිය 67 වැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

මේ වනවිට තරග 32ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, තරග 31ක් බ.ඉ. කොදෙව්වන් ජයගෙන සිටියි. තරග 3ක් පමණක් විසදුමකින් තොරව අවසන් වී තිබේ. කෙසේ වෙතත් දෙරට අතර ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති තරග අතරින් බහුතර ජයග්‍රහණ හිමිකරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි. මෙම කණ්ඩායම් ශ්‍රී ලංකාවේදී හමුවූ තරග 19කින් තරග 14ක ජය ශ්‍රී ලංකාවට හිමිවද්දී, කොදෙව්වන්ට ජයගැනීමට හැකිව ඇත්තේ තරග3ක් පමණි.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර මෙවර පැවැත්වෙන්නේ 10වැනි ද්විපාර්ශ්වීය එක්දින ක්‍රිකට් තරගාවලියයි. ඉන් ශ්‍රී ලංකාව තරගාවලි 5ක් ජයගෙන ඇති අතර, කොදෙව්වන් තරගාවලි 3ක් ජයගෙන ඇත. එක් තරගාවලියක් පමණක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව දැනටමත් තරග 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටින බැවින්, ඔවුන් කොදෙව්වන්ට එරෙහිව 6වැනි තරගාවලි ජයද සම්පූර්ණ කරගෙන සිටියි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට අද තරගයද ජයගැනීමට හැකිවුවහොත් එය ඔවුන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව පූර්ණ තරගාවලි (තරග 2ක් හෝ 3කට වැඩි තරගාවලියකින්) ජයක් වාර්තාකරන 4වැනි අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්වනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026