Skip to content
V
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද

By News Room · 31 August 2025

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (31) පැවැත්වේ. හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් ප.ව. 1ට ආරම්භවීමට නියමිතය. 

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරග 2කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව මේ වනවිට 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. ශ්‍රී ලංකා කණ්ඩාය අද තරගයට පිවිසින්නේ දෙවැනි තරගයත් ජයගෙන එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමේ අරමුණ ඇතිවය.

කෙසේ වෙතත් පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක් වු නිෂාන් මදුෂ්ක වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු අද තරගය සඳහා එක්වීමට වැඩි ඉඩකඩක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසා සිටියි. දෙරට අතර විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙන අතර, එම තරගද හරාරේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026