Skip to content
V
"ශ්‍රී ලංකාවේ හෙට දවස” ගැන ඇමැති විජිතගෙන් මූණටම අහමු
featured news - උණුසුම් පුවත්

"ශ්‍රී ලංකාවේ හෙට දවස” ගැන ඇමැති විජිතගෙන් මූණටම අහමු

By News Room · 25 May 2026

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ විවෘත සංවාද වැඩසටහන මැයි 31 දා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ හෙට දවස” යන තේමාව යටතේ මෙල්බර්න් වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් මෙම විශේෂ හමුව සංවිධානය කරනු ලබයි. මව්බිමේ අනාගතය, ජාතික ප්‍රගතිය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සතු අදහස් සහ ඔවුන්ගේ සෘජු දායකත්වය රටේ ඉදිරි ගමනට ලබාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ යහපත් අනාගතයක් උදෙසා අවශ්‍ය එකමුතුව, රටේ සංවර්ධනය සහ විදේශගත ප්‍රජා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අමාත්‍යවරයා සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට ද සහභාගී වන සියලු දෙනාට අවස්ථාව හිමි වේ.

මෙම සුවිශේෂී ප්‍රජා සන්නිවේදන වැඩසටහන මැයි 31 වන ඉරිදා පස්වරු 2.30 සිට 5.00 දක්වා මෙල්බර්න් හි ස්ප්‍රින්වේල් සිටි හෝල් (Springvale City Hall, 18 Grace Park Ave, Springvale VIC 3171) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026