Skip to content
V
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ටෙස්ට් තරගාවලේ ශ්‍රී ලංකාව ලකුණු අතර ඉදිරියේ
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ටෙස්ට් තරගාවලේ ශ්‍රී ලංකාව ලකුණු අතර ඉදිරියේ

By News Room · 28 September 2024

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත්තා.

මේ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 88ක් පමණයි. එය ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්ත කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද වෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. එහිදී Mitchell Santner ලකුණු 29ක්ද, Daryl Mitchell ලකුණු 13ක්ද, Rachin Ravindra ලකුණු 10ක්ද රැස් කළා. ප්‍රභාත් ජයසූරිය 9 වැනි වතාවටත් ටෙස්ට් කඩුළු 5ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහු ලකුණු 42ක දී කඩුලු 6ක් බිද හෙලීමට සමත් වුණා.

මේ අතර සිය ප්‍රථම ටෙස් තරගය ක්‍රීඩා කළ නිසාන් පීරීස් ලකුණු 33කට කඩුලු 3ක්ද, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026