Skip to content
V
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි

By News Room · 2 October 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens අතර හමුවක් අද (02) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

මෙහිදී පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ උණුසුම් සුබපැතුම් පිරිනැමූ එරට මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කැපවී සිටින බව ද ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරයා මෙම හමුවේදී සහතිකවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026