Skip to content
V
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

By News Room · 1 December 2024

ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ ශාරුජන් ෂම්මුගනාදන් අංක 3 පිතිකරුවා ලෙස පන්දුවට පහරදීමට පැමිණ අගනා ලකුණු 102ක් රැස්කළේය. ඔහු ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා සමගින් දෙවැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගුවේය. පුලිඳු ලකුණු 53කින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබීය.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 28.2දී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112ක් පමණි. හම්සා ඛාන් ලකුණු 32ක් හා නසිෆුල්ලා අමිරි ලකුණු 33ක් රැස්කළත් එය ඇෆ්ගනිස්තාන පරාජයේ බර අඩුකිරීමට හෝ ප්‍රමාණවත් නොවුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් මනීෂ ලකුණු 16කට කඩුලු 3ක් දවාගත්තේය. ඊට අමතරව නිව්ටන් රන්ජිත්කුමාර් (2/28), විරාන් චමුදිත (2/14) හා විහස් තෙව්මික (2/10) කඩුලු 2 බැගින් දවාගත්හ.

මෙම ජයග්‍රහණයත් සමග 'B' කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරතේය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය කාණ්ඩයේ පෙරමුණ හිමිකරගෙන සිටියි. ඔවුන් අනිද්දා (3) බංග්ලාදේශට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතව ඇත. බංග්ලාදේශයද මේ වනවිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026