Skip to content
V
ශ්‍රී ලංකාවට Apple සමාගමෙන් සහාය
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට Apple සමාගමෙන් සහාය

By News Room · 3 December 2025

ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන Apple සමාගම, ආසියාවේ රටවල් කිහිපයක සිදුවූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාව සඳහා මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කරන බව නිවේදනය කර තිබෙනවා.

මෙම ආධාර මගින්, හොංකොං හි සිදුවූ ගොඩනැගිලි ගිනිගැනීම් කිහිපයක්, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් පුරා ඇතිවූ දරුණු කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ගෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට අපේක්ෂා කෙරෙනවා.

Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව පණිවිඩක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්,

"තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව හරහා හමාගිය කුණාටු හේතුවෙන් ප්‍රජාවන් විශාල වශයෙන් විනාශ වී ඇත. Apple හි අපි පීඩාවට පත් සියලු දෙනා ගැන සිතන අතර, බිම් මට්ටමේ සහන සහ ගොඩනැගීමේ කටයුතු සඳහා දායක වනු ඇත."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026