Skip to content
V
ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ඉහලම ජයග්‍රහණයක් සමඟ නෙත්මි අහිංසා
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ඉහලම ජයග්‍රහණයක් සමඟ නෙත්මි අහිංසා

By News Room · 9 September 2024

ස්පාඤ්ඤයේ දී පැවැති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ කි.ග්‍රෑ. 53 බර පන්තියේ ලෝඩක පදක්කම දිනාගත් නෙත්මි අහිංසා ප්‍රනාන්දු ඊයේ (8) රාත්‍රියේදී යළි දිවයිනට පැමිණියාය.

නෙත්මි ජයග්‍රහණය කළ පදක්කම සැලකෙන්නේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ මෙරට ක්‍රීඩිකාවක් දිනාගත් ඉහළම ජයග්‍රහණය ලෙසිනි. ලෝක මල්ලවපොර සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක් පමණ සහභාගි වූහ.

නෙත්මි අහිංසා කුරුණෑගල, පන්නල වෙල්පල්ල සංඝරත්න මහා විද්‍යාලයේ සිසුවියකි. ඇයව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026