Skip to content
V
ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

By News Room · 2 July 2025

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත් වීමට නියමිතව තිබේ. දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 2.30 ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී එය ආරම්භ වීමට නියමිතය. මෙම තරගයේ දී මහිදි හසන් මිරාස් පළමු වරට බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ චරිත් අසලංක විසිනි. දෙරට අතර 20/20 ක්‍රිකට් තරග 3ක් ද පැවැත්වීමට නියමිත අතර එම තරගය එළැඹෙන 10 වනදා ආරම්භ වීමට නියමිතය. බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය 2ට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026