Skip to content
V
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

By News Room · 8 July 2025

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත් වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පන්දුවට පළමුවෙන් පහරදීමටය. 

තගරය තව සුළු මොහොතකින් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල ලකුණු 77කින් ජය ගත් අතර බංග්ලාදේශය දෙවන එක්දින තරගය ලකුණු 16කින් ජය ගත්තේය.

ඒ අනුව මෙම තරගාවලිය මේ වන විට පසුවන්නේ 1ට 1ක් ලෙස සම තත්වයේයි. ඒ අනුව දෙපිලම අද තරගයට පිවිසෙන්නේ අද තරගය ජය ගෙන එක්දින තරගාවලියේ ජය ගැනීමේ අරමුණින්ය. ශ්‍රී ලංකාව කණ්ඩායමට අද තරගය ජය ගැනීමට හැකියාව ලැබුණහොත් බංග්ලාදේශයට එරෙහිව වසර 6කට පසුව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සහභාගි වූ අවසන් එක්දින තරග 10න් තරග 8ක් ජය ගැනීමට සමත්ව තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026