Skip to content
V
ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

By News Room · 18 June 2025

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 423ක් රැස්කරගෙන සිටියේය. කඩුල්ලේ රැඳී සිටින මුෂ්ෆිකර් රහීම් ලකුණු 159ක් හා ලිටන් දාස් ලකුණු 61ක් රැස්කරගෙන 5වන කඩුල්ලට ලකුණු 114ක් සබඳතාවක් පවත්වාගෙන සිටියි.

තරගයේ දෙවන දිනට අද (18) තරගය ආරම්භ කරන විට බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන සිටියේය. දිනයේ බිඳවැටුණ එකම කඩුල්ල වූ නායක නජ්මුල් හුසේන් ශාන්ටෝ මුලු ලකුණු 309ක් වනවිට පිටියෙන් ඉවත්කිරිමට අසිත ප්‍රනාන්දු සමත් විය. සිය 6වන ශතකය රැස්කළ ශාන්ටෝ ලකුණු 148කට දැවී ගිය අතර, ඒ සමග මුෂ්ෆිකර් සමගින් 4වන කඩුල්ලට ගොඩනැගූ ලකුණු 264ක සබඳතාවද බිඳ වැටුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026