Skip to content
V
ශ්‍රී ලංකා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට

By News Room · 12 September 2024

පසුගියදා නිකුත් වූ නවතම icc ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් අතර 16 වන ස්ථානයේ සිට 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. කමිදු මෙන්ඩිස් ස්ථාන 6කින් ඉදිරියට පැමිණෙමින් 19ස්ථානයේ Shubman GlLL සමග සමතැන්ව සිටිනවා.

වසර දෙකකට පමණ පසු ටෙස්ට් පිටියට පැමිණි පැතුම් නිස්සංක එම ශ්‍රේණිගත කිරීම්වල 39 ස්ථානයට පැමිණ තිබෙනවා.ඒ ස්ථාන 42කින් ඉදිරියට පැමිණෙමින්. ධනංජය ද සිල්වා ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 24 වන ස්ථානයටද පැමිණ තිබෙනවා.ඒ ස්ථාන තුනකින් ඉදිරියට පැමිණෙමින්.

ටෙස්ට් පන්දු යවන්නගේ ශ්‍රේණිගත කිරීම්වල විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර 31 සහ 32 වන ස්ථාන දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ විශ්ව ප්‍රනාන්දු ස්ථාන 13 කින් සහ ළහිරු කුමාර ස්ථාන 10 කින් ඉදිරියට පැමිණෙමින්.

පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දැක්වු දක්ශතා හේතුවෙන් ඔවුන් මේ ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026