Skip to content
V
ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ ජය ලංකාවට
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ ජය ලංකාවට

By News Room · 29 September 2024

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ දෙවන සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුනු 154කින් ජය ගනීමත් සමගයි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-0 ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ණ්ඩායමට මෙහිදී හැකිවුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 602 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණි.ඒ ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්තය ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද වනවා. සිය දෙවෙනි ඉනිම ආරම්භ කරමින් නැවතත් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 360 පමණි.

ශ්‍රී ලංකාවේ පලමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු116 ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුනු පලමු ඉනිමේදි 42කට කඩුලු 6ක් සහ නිශාන් පීරිස් ලකුණු 33 ට කඩුලු 3ක් බිඳ හෙලුවා.

මෙහිදී දෙවන ඉනිම වෙනුවෙන් Devon Conway ලකුණු 61ක් , Kane Williamson ලකුණු 46ක් සහ Tom Blundell ලකුණු 60 ක් ලබාගත්තා. දෙවෙනි ඉනිම වෙනුවෙන් නිශාන් පීරිස් කඩුලු 6ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් ලබා ගත්තා. මෙම තරගයේ වීරයා ලෙස කමිදු මෙන්ඩිස් සම්මාන ලබා ගත් අතර තරගාවලියේ වීරයා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මානයට පාත්‍ර වුණා. ඒ අනුව වසර 15කට පසුව නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026