Skip to content
V
ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය අද
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය අද

By News Room · 26 September 2024

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. පළමු ටෙස්ට් තරගයෙන් සුපිරි ජයක් හිමිකර ගත් සිංහයින් අදින් ඇරඹෙන මෙම තරගයට පිවිසෙන්නේ තරගාවලිය ජය ගැනීමේ අරමුණ ඇතිවයි.

මෙම තරගයට ජය ගතහොත් හෝ ජයපරාජයෙන් තොරව නිමා වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 14කට පසුව කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක පහස විඳ ගන්නට හැකියාව ලැබෙනවා.

ආබාධයකට ලක් වු වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැඳවුම් ලද දඟ පන්දු යවන ක්‍රීඩක නිෂාන් පීරිස්ට හෙට ජගත් ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගන්නා 167 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වනු ඇති.

මීට අමතරව මිලාන් රත්නායක ද මෙම තරගයට කැඳවා තිබෙන අතර ඒ අනුව රමේෂ් මෙන්ඩිස්ට සහ ලහිරු කුමාරට සිය ස්ථානයන් අහිමිව ගියා.

මේ අතර ICC ටෙස්ට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලින කිරීමට අනුව ස්ථාන 5ක් ඉදිරියට පැමිණි ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

මීට අමතරව ටෙස්ට් පිතිකරුවන් අතර ස්ථාන තුනක් ඉදිරියට පැමිණි කමිඳු මෙන්ඩිස්ට එහි 16 වැනි ස්ථානයට හිමිවෙද්දී ,දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා 17 වැනි ස්ථානයේ සමතැන් ගෙන ගත්තා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026