Skip to content
V
ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් පළමු තරගයේ ජය ලංකාවට
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් පළමු තරගයේ ජය ලංකාවට

By News Room · 23 September 2024

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 63කින් ජය ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා මුලින් ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී පළමු ඉනිම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 305ක් රැස් කළා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් වාර්තා කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් වාර්තා කළා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය වෙනුවෙන් ඕ'රොකී කඩුලු 5ක් හා ග්ලේන් පිලිප්ස් කඩුලු 2 බැගින් බිඳ දැමුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ සියළු දෙනා දැවී ලකුණු 340ක් රැස් කර ගැනීමට හැකි වුනා. එහි දී ටොම් ලෙතම් ලකුණු 70ක් හා ඩැරිල් මිචෙල් ලකුණු 57ක් වාර්තා කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් බැගින් බිඳ හෙළුවා.

නවසීලන්තයට වඩා ලකුණු 35ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 309ක් රැස් කළා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් වාර්තා කළා. අනතුරුව ලකුණු 276ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේ අරමුණින් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගන්නට හැකි වූයේ ලකුණු 211ක් පමණයි.

එහි දී නවසීලන්තය වෙනුවෙන් රචින් රවින්ද්‍රා ලකුණු 112ක් රැස් කළ අතර පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුළු 5ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් ලබා ගත්තා. ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රියාතමක වූ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 36කින් ජයග්‍රහණය කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026