Skip to content
V
ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

By News Room · 19 March 2025

ශ්‍රී ලංකා නවසීලන්ත කාන්තා විස්සයි විස්ස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වුවත් දෙපිළේම ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චමරි අතපත්තු අයිසීසී කාන්තා විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 06 වන ස්ථානයට පත්ව ඇති අතර, නිලක්ෂිකා ද සිල්වා ස්ථාන තුනක් ඉදිරියට පැමිණ තිබුණා.

නවසීලන්ත කණ්ඩායමේ බෲක් හැලිඩේ ස්ථාන 17ක් ඉදිරියට පැමිණ තිබීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉනෝෂි ප්‍රියදර්ශනී විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 02ක් ද, සුගන්ධීකා කුමාරි ස්ථාන 07ක් ද, කවීෂා දිල්හාරී ස්ථාන 03ක් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026