Skip to content
V
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු අද සිට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු අද සිට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

By News Room · 29 April 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (29) පිළිගෙන තිබුණි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026