Skip to content
V
ශ්‍රී ලංකා කාන්තා පිළට තෙවෙනි තරගයේදීත් අමිහිරි පරාජයක්
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා කාන්තා පිළට තෙවෙනි තරගයේදීත් අමිහිරි පරාජයක්

By News Room · 9 October 2024

කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ අද (09) පරාජයට පත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දිය නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු 172ක් රැස් කළාය.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ මෙවර කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටය. තරගය ජයගැනීම සඳහා ලකුණු 173ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණි. ඒ අනුව ඉන්දියාවට ලකුණු 82ක ජයක් හිමිවිය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026