Skip to content
V
ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය අද
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය අද

By News Room · 12 February 2025

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12) කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට විසිව යමින් ශ්‍රීලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙද්දී, ඔස්ට්‍රේලියානුවන් තරගාවලියට එක්වන්නේ චැම්පියන්ස් කුසලානයට පෙර සිය තුරුම්පු මුවහත් කර ගැනීමේ අරමුණ ඇතිවයි.

කැන්ගරුවන් සහ සිංහයින් වසර 3කට පසු මෙරටදී එක්දින තරගාවලියකදී මුණ ගැසෙන අතර අවසන් වරට දෙරට අතර 2022 වසරේදී පැවැති එක්දින තරගාවලිය තරග 3ට 2ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා. ආර්. ප්‍රේමදාස පිටියේ විඳුලි කුළුණුවල මේ දිනවලදී සිදු කරන නවීකරණය කටයුතු හේතුවෙන් කලකට පසු ප්‍රේමදාස පිටියේදී දිවා තරග ලෙසින් ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරග දෙකම පැවැත්වීමත් කැපී පෙනෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026