Skip to content
V
ශ්‍රී ලංකන් විකිණීම ජනපති නවතයි
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකන් විකිණීම ජනපති නවතයි

By News Room · 1 October 2024

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට පසුගිය රජය මුල් අවස්ථාවේදී සැලැසුම් කර තිබිණි. නමුත් පසුව එවකට සිටි කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට ගත් තීරණය වෙනස් කළ බවය.

කෙසේ නමුත් මෙරට සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශේෂ කාර්ය භාර්යයක් කළ හැකි බැවින් එම ගුවන් සේවය රජය යටතේ පැවැතිය යුතු බවට ජාතික ජන බලවේග රජය විශ්වාස කරන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දමනවා වෙනුවට එහි කළමණාකාරීත්වය තවත් වැඩි දියුණු කළ හැකි ආකාරයක් සොයා බැලීමට ජාතික ජන බලවේග රජය කටයුතු කරන බවද මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසුවේය.

පුද්ගලික ආයෝජකයෙකු ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 510 ක ණය රජයට පවරා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩලය එකඟ විය. අවම වශයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය සියයට 51 ක කොටස් විකුණා දැමීමට පසුගිය රජය තීරණය කර තිබිණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026