Skip to content
V
ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට පහරදී තුවාල සිදු කළ අරාබි ජාතිකයාට සිර දඬුවම්
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට පහරදී තුවාල සිදු කළ අරාබි ජාතිකයාට සිර දඬුවම්

By News Room · 3 November 2025

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදී ගුවන් සේවිකාවකට පහරදී තුවාල සිදුකර බිය ගැන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සවුදි අරාබි ජාතිකයෙකුට මාස 3ක සිර දඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම එම දඬුවම අවුරුදු පහකට අත්හිටුවන ලෙස අද(3) නියම කළා.

පහරදී තුවාල සිදුකිරීම, බිය ගැන්වීම ඇතුළු චෝදනා තුනක් යටතේ ගුවන් තොටුපොළ පොලිසිය මගින් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර එම සිර දඬුවම්වලට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩ මුදලක් නියම කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ගුවන් තොටුපොළ පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, ඉකුත් ඔක්තෝබර් මස 26 වන උදෑසන සවුදි අරාබියේ රියාත් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදී එම පහරදීම සිදු කර ඇති බව ද විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වූවා.

අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැසීමට සූදානම් වන අවස්ථාවේදි වින්දිත ගුවන් සේවිකාව ආසන පටි පැළඳ ගන්නා ලෙස සියලුම මගීන්ට දැනුම් දී ඇති බවත් ඒ අවස්ථාවේදී විත්තිකාර පුද්ගලයා එම උපදෙස් නොසලකා හරිමින් අදාළ ගුවන් සේවිකාව සමඟ බහින් බස්වීමක් ඇතිකර එම පහර දීම සිදු කර ඇති බවද විමර්ශන නිලධාරියා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වූවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026