Skip to content
V
'ශ්‍රී ලංකන් ගුවන්සේවය විකුණන්නෙ නැහැ' - නව සභාපති
featured news - උණුසුම් පුවත්

'ශ්‍රී ලංකන් ගුවන්සේවය විකුණන්නෙ නැහැ' - නව සභාපති

By News Room · 16 October 2024

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සඳහා පෙර තිබූ සැලසුම නව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ පවසනවා. ඒ අනුව ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරන බවයි TTG Asia වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බවත් එම ගුවන් සේවය සියලු ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර විය හැකි ජාතික ආයතනයක් බවට පත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් තිබෙන්නේ.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබූ අතර ගුවන් සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026