Skip to content
V
ශ්‍රී ලංකන් ගණුදෙනුවකට නාමල් CIDයට
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකන් ගණුදෙනුවකට නාමල් CIDයට

By News Room · 26 February 2025

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) කැඳවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකන් සමාගමට කුප්‍රකට කපිල චන්ද්‍රසේන මැදිහත්ව සිදුකළ එයාර්බස් ගනුදෙනුව පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාල ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේදී අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම අත්අඩංගුවට ගැනීම් හා ඇප නියමවීම් සිදු වූ අතර නාමල් රාජපක්ෂ නැවත අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026