Skip to content
V
ශ්‍රී පාද වන්දනාවේ එන වාහන පොලිස් නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට
featured news - උණුසුම් පුවත්

ශ්‍රී පාද වන්දනාවේ එන වාහන පොලිස් නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට

By News Room · 4 January 2025

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින් අද (03) හදිසියේ පරීක්ෂා කරනු ලැබීය. ඒ ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීවය.

එහිදී වාහනවල මගීන්ට අනතුරු සිදුවිය හැකි අන්තරාදායක ලෙස සවි කර තිබූ අමතර කොටස් ගලවා ඉවත් කිරීමටත්‍, අත් තිරිංග, සංඥා ලාම්පු, ප්‍රධාන ලාම්පු ඇතුළු මෝටර් රථ ආඥා පනතේ වාහනයක් ධාවනය කිරීමට පනවා ඇති කරුණු 21ක් කෙරෙහි මෙහිදී අවධානයට ලක් කෙරිණී.

එහිදී අඩුපාඩුකම් සහිත වාහන කිහිපයක් පොලිස් අවධානයට ලක් වූ අතර එම අඩුපාඩුකම් සපුරා ගැනීමට රියදුරන්ට දින 14ක කාලයක් ද ලබා දෙනු ලැබීය. එම කාලය අතරතුරු එම වාහනය ධාවන කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වාහනවල ආදායම් බලපත්‍රය පොලිස් භාරයට ගැණිනි.

නල්ලතන්නිය පොලීසිය පැවසුවේ ශ්‍රී පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කළ වාහනවල අඩුපාඩුකම් සපුරාගෙන ඔවුන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කර එහි වාර්තාවක් නල්ලතන්නිය පොලීසිය වෙත යොමු කළ යුතු බවය. එමෙන්ම එම වාර්තාව ලැබෙන තෙක් එම වාහනවලද ආදායම් බලපත්‍ර නල්ලතන්නිය පොලිස් භාරයට ගැනීමටත් පොලීසිය කටයුතු කරනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026