Skip to content
V
ශූරයන්ගේ කුසලානය දිනූ ඉන්දියාවට BCCI විසින් විශාල මුදල් ත්‍යාගයක්
featured news - උණුසුම් පුවත්

ශූරයන්ගේ කුසලානය දිනූ ඉන්දියාවට BCCI විසින් විශාල මුදල් ත්‍යාගයක්

By News Room · 20 March 2025

ශූරයන්ගේ කුසලානය (Champions Trophy) දිනාගත් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 58ක අතිදැවැන්ත මුදල් ත්‍යාගයක් ප්‍රදානය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර ඇත. මෙම මුදල මෙරට වටිනාකමින් රුපියල් කෝටි 200කට ආසන්නය.

එමෙන්ම මෙම මුදල් ත්‍යාගය තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ලබාදුන් ත්‍යාග මුදල මෙන් තුන් ගුණයක් වීම විශේෂත්වයක්ය. වසර 8කට පසු පැවැත් වූ මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් ලබාදුන් අතර, එය මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකය.

පාකිස්තානයේ සත්කාරකයත්වය යටතේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩුලු 4කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඔවුන් අපරාජිතව කුසලානය දිනාගැනීමද කැපී පෙණින.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026