Skip to content
V
ශීත කාලගුණය නිසා වෛරස් රෝග ව්‍යාප්තියක්
featured news - උණුසුම් පුවත්

ශීත කාලගුණය නිසා වෛරස් රෝග ව්‍යාප්තියක්

By News Room · 20 January 2026

පවතින ශීත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ මහතා සඳහන් කළේ, කුඩා දරුවන් අතර මෙම රෝග දක්නට ලැබෙන බවය.

"මේ දවස්වල පවතින ශීත වියළි කාලගුණයත් සමඟ වෛරස් රෝග කිහිපයක පැතිරීම වැඩි වෙන්න පුළුවන්. අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට අදාළව තමයි මේ වෛයිරස් බොහෝ දුරට බලපෑමක් ඇති කරන්නේ. සාමාන්‍යයෙන් මේ වෛරස් රෝග පෙර පාසල් වයසේ පසුවන කුඩා දරුවන් අතර බහුලව පැතිරෙන්න පුුළුවන්. උණ, කැස්ස, සෙම්පතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශීවල ඇතිවන වේදනාවත් වමනය, පාචනය වැනි රෝග ලක්ෂණත් මෙහිදී ඇති වෙන්න පුළුවන්. ඔබට දින තුනකට වඩා මේ රෝග ලක්ෂණ පවතිනවානම්, ඒ වගේම ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවානම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි"

මේ අතර මෙම දිනවල වායු ගුණත්මකභාවය පහළ මට්ටමක පවතින බව ද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඉදිරි දින දෙක තුළ මෙම තත්ත්වය පහව යනු ඇති බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026