Skip to content
V
ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගෙන් භයානක ජාන විකෘතියක්
featured news - උණුසුම් පුවත්

ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගෙන් භයානක ජාන විකෘතියක්

By News Room · 11 December 2025

යුරෝපය පුරා සිටින අවම වශයෙන් ළමුන් 197 දෙනෙකුට ඩෙන්මාර්කයේ ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගෙන් භයානක TP53 ජාන විකෘතියක් සම්ප්‍රේෂණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස් වාර්තා පවසනවා. 

මෙම විකෘතිය හේතුවෙන් ඔවුන්ගේ පිළිකා අවදානම 90% කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

යුරෝපීය ශුක්‍රාණු බැංකුව හරහා ශුක්‍රාණු ලබා දුන් ඩෙන්මාර්කයේ මෙම පුද්ගලයා, තමා තුළ TP-53 ජානයේ ඇති රෝග ලක්ෂණ නොපෙන්වන මෙම විකෘතිය පිළිබඳව දැන නොසිටි බව සඳහන්.‍ මෙම පුද්ගලයා ශිෂ්‍යයෙකුව සිටියදී ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති අතර, එය 2005 වසරේ සිට වසර 17ක් පුරා භාවිත කර තිබුණා. 

මෙම අනාවරණය ඒකාබද්ධ පරීක්ෂණයක් මගින් සේවා විකාශකයින් 14 දෙනෙකු විසින් සිදු කර තිබුණා.  TP53 ජානය පිළිකා මර්දනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නක්.  විකෘති වූ ජානය ඔහුගේ ශුක්‍රාණුවලින් 20% ක් තුළ පැවතී තිබෙනවා. මෙම දරුවන්ට Li-Fraumeni syndrome නම් තත්ත්වයක් ඇති අතර, ඔවුන් වයස අවුරුදු 60 ට පෙර පිළිකා වැළඳීමේ අවදානම 90% කින් වැඩියි. 

මෙම ශුක්‍රාණු රටවල් 14ක සශ්‍රීකතා සායන 67ක් හරහා භාවිත කර තිබෙනවා. මෙම සිද්ධිය ආයතනික අසාර්ථකත්වයක් ලෙස හැඳින්වෙනවා. මන්ද මෙම පුද්ගලයා සියලුම පරීක්ෂණ සාර්ථකව සමත් වී තිබුණා. 

යුරෝපීය මානව ජාන විද්‍යා සංගමය විසින් ළමුන් 67 දෙනෙකුගෙන් යුත් උප කණ්ඩායමක් සොයා ගත් අතර ඔවුන්ගෙන් 23 දෙනෙකුට විකෘතිය ඇති බවත්, දැනටමත් 10 දෙනෙකුට පිළිකා ඇති බවට හඳුනාගෙන ඇති බවත් වාර්තා වනවා.  විකෘතිය සහිත සමහර ළමුන් දැනටමත් මිය ගිහින් බවයි සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026