Skip to content
V
ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍යයෙන් දොර වැසෙයි
featured news - උණුසුම් පුවත්

ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍යයෙන් දොර වැසෙයි

By News Room · 25 March 2025

නීති විරෝධී ඝාතනය කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් ඇතුළු මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදුකළ දැඩි මානව හිමිකම් කඩ කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් තිදෙනකුට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධානියකුට බ්‍රිතාන්‍ය රජය විසින් සම්බාධක පනවනු ලැබුවේය.

ශ්‍රී ලංකා හිටපු යුධ හමුදාපතිවරුන් දෙදෙනකු වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජය මෙලෙස සම්බාධක පනවා තිබේ.

ඒ අනුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ගේ කිසියම් දෙපළක් බ්‍රිතාන්‍ය තිබේ නම් එම දේපළ තහනමට ලක්වනු ඇති අතර ඔවුන්ට බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමද තහනම් වනු ඇත.

විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩේවිඩ් ලැමී සම්බාධක පනවමින් ප්‍රකාශ කර සිටියේ මෙරට සිවිල් යුද්ධය පැවැති සමයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ අපයෝජනයන්වලට වගවීම සෙවීමටත්, මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් බ්‍රිතාන්‍ය කැපවී සිටින බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026