Skip to content
V
ශකිබ් අල්-හසන්ට පන්දු යැවීම තහනම් කරයි
featured news - උණුසුම් පුවත්

ශකිබ් අල්-හසන්ට පන්දු යැවීම තහනම් කරයි

By News Room · 16 December 2024

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් හට ICCහි අනුමත ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම තහනම් කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ පසුගිය සැප්තැම්බරයේදී පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහුට එරෙහිව පැනවූ තහනම සැලකිල්ලට ගනිමින්.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයෙන් සඳහන් කරන්නේ, ශකීබ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් නැවත විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි. මේ වනවිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T10 තරගාවලිය සඳහාද ඔහු ක්‍රීඩා කරනු ලබනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026