Skip to content
V
වාහන මිල පහතට
featured news - උණුසුම් පුවත්

වාහන මිල පහතට

By News Room · 27 November 2025

ආනයනික මෝටර් වාහන සඳහා වූ pent-up demand මේ වන විට ස්ථාවර වී ඇති බවත් වෙළඳපල තත්ත්වයන් වැඩිදියුණු වීමත් සමඟ වාහන මිල තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. 

මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ  මුදල් ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදීයි. ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී විවෘත කරන ලද ණයවර ලිපි (LCs) වැඩිවීම නිසා ඉල්ලුම අපේක්ෂා කළාට වඩා ඉහළ ගිය බව ඔහු පැවසුවා. 

කෙසේ වෙතත්, පසුගිය මාස දෙක තුළ මෙම ඉල්ලුම අඩු වී ඇති අතර, එය දිගින් දිගටම අඩුවෙමින් පවතින බවට ඇඟවීම් තිබෙන බව ද සඳහන්. මෙම ඉල්ලුම අඩුවීම මෝටර් වාහන මිල පහත වැටීමට හේතු වනු ඇති බව ද පැවසෙනවා. දත්තවලට අනුව, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමකින් යුත් වාහන ආනයනය කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026