Skip to content
V
වාහන ආනයන බදු 500% ඉක්මවා යන ලකුණු
featured news - උණුසුම් පුවත්

වාහන ආනයන බදු 500% ඉක්මවා යන ලකුණු

By News Room · 12 January 2025

රජය ප්‍රකාශයට පත් කර ඇති නව බදු ප්‍රතිශතවලට අමතරව වාහන ආනයනයේදී දැනට පනවා ඇති අනෙකුත් සියලුම බදු එක්වූ පසු ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා පවතින සමස්ත බදු ප්‍රතිශතය 500% සීමාවද ඉක්මවා යා හැකි බව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මේ වසර තුළ වාහන 50,000ක් පමණ ආනයනය කිරීමට හැකිවනු ඇති බවයි.

වසර 05ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට අවස්ථාව දෙමින්, ලබන පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා වන බදු ප්‍රතිශත රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් ප්‍රකාශයට පත් කෙරුණු එම ගැසට් නිවේදනය ප්‍රකාරව එම බදු පැනවෙනු ඇති. ඒ අනුව, නිෂ්පාදිත දින සිට අවුරුදු 10කට නොවැඩි වාහන සඳහා 200%ක සහ 300%ක ප්‍රතිශතයකින් බදු පනවා තිබෙනවා. ඒ අනුව වාහන මිල ගණන් ද ඉදිරියේදී සියයට 20කින් පමණ ඉහළ යා හැකියි.

එන්ජින් ධාරිතාව 660cc කාණ්ඩයේ රථවාහන සඳහා පැවැති බද්ද රුපියල් ලක්ෂ 16ක් පමණ වූ අතර, නව බදු ප්‍රතිශත අනුව එම බද්ද රුපියල් ලක්ෂ 18 හමාරක් පමණ වනු ඇති.

එමෙන්ම එංජින් ධාරිතාව 1,000cc කාණ්ඩයේ රථවාහන සඳහා පැවැති බද්ද රුපියල් ලක්ෂ 20ක් පමණ වූ නමුත් නව බදු ප්‍රතිශතය අනුව එම රථවාහන සඳහා රුපියල් ලක්ෂ 24 හමාරක පමණ බද්දක් පැනවෙනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ, එංජින් ධාරිතාව 1,500cc කාණ්ඩයේ රථවාහන සඳහා රුපියල් ලක්ෂ 57ක් පමණ වූ බද්ද නව බදු ප්‍රතිශතය ගැලපීමෙන් පසු රුපියල් ලක්ෂ 66ක් පමණ වනු ඇති බවයි.

රජය ප්‍රකාශයට පත්කළ නව බදු ප්‍රතිශතය සහ සියලුම අනෙකුත් බදු එකතු වූ පසු ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා පැනවෙන සමස්ත බදු ප්‍රතිශතය 500%ක් පමණ වනු ඇති බව ද ශ්‍රී ලංකා වාහන ආනයකරුවන්ගේ සංගමය පවසනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026