Skip to content
V
වාහනවලට හිතුමතේ අංක තහඩු ගැසූ අයට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
featured news - උණුසුම් පුවත්

වාහනවලට හිතුමතේ අංක තහඩු ගැසූ අයට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

By News Room · 25 May 2026

නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් කර නොමැති වුව ද, ප්‍රමිතිය විකෘති කරන ලද අංක තහඩු සවිකර රථවාහන ධාවනය කළ නොහැකි බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.

වාහනයක ඉදිරිපස අංක තහඩුව සුදු පැහැති පසුබිමක කළු පැහැති අකුරෙන් ද, පසුපස අංක තහඩුව කහ පැහැති පසුබිමක කළු පැහැති අකුරෙන් ද තිබිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

අලුතින් ගෙන්වන ලද වාහනවල හිමියන්, වාහනයේ වර්ණයට ගැළපෙන පරිදි විවිධ වර්ණවලින් අංක තහඩු සකස් කර ගැනීම හේතුවෙන් රාත්‍රී කාලයේදී සහ අධික අව් රශ්මිය පවතින අවස්ථාවලදී පොලිස් නිලධාරීන්ට අංක තහඩු නිසි ලෙස නිරීක්ෂණ‍ය කිරීමට අපහසු තත්ත්වයක් මතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වුව ද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුව 'A4' ප්‍රමාණයේ කඩදාසියක මුද්‍රණය කරන ලද අංක තහඩුවක් ප්‍රදර්ශනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026